පරිශීලකයන් සතු වගකීම්/ යුතුකම් හා උපදෙස් (Membership Guidelines)
මෙම පුස්තකාලය විමර්ශන පුස්තකාලයකි.
පුස්තකාලය පරිශීලනය කරන සියලු ම පරිශීලකයන් සිය වගකීම් හා යුතුකම් පහත සඳහන් උපදෙස් අනුව ක්‍රියා කිරීමට බැඳී ඇත.
- පාවහන් ගලවා පුස්තකාලයට ඇතුළු වීම කළ යුතු ය.
- පුස්තකාලයට ඇතුළු වන හා පිටවන අවස්ථාවේ දී පරිශීලක පැමිණීම් ලේඛනයේ පැමිණි හා පිටවන වේලාවන් සටහන් කිරීම හා අත්සන් කිරීම අනිවාර්ය වේ.
- අවශ්‍ය විටෙක ඉදිරිපත් කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීමේ කාඩ්පත සෑමවිට ම පුස්තකාලයට රැගෙන පැමිණිය යුතු ය.
- පුස්තකාලය තුළට ඇතුළු වන විට ඔබගේ ජංගම දුරකථනය නිහඬ කළ යුතු ය.
- තම තමන්ගේ පෞද්ගලික පොත් පත්, බෑග් සහ වෙනත් බඩු බාහිරාදිය ඊට වෙන් කොට ඇති නියමිත ස්ථානයේ තබා පුස්තකාලය තුළට ඇතුළු විය යුතු ය.
- පුස්තකාලය තුළට ආහාර සහ බීම වර්ග ගෙන ඒම සම්පූර්ණයෙන් ම තහනම් ය.
- පුස්තකාලයීය ව්‍යවස්ථා මාලාවට සහ ආචාර ධර්මවලට සෑමවිට ම ගරු කළ යුතු ය.
- පුස්තකාලය ගෞරව කටයුතු ස්ථානයකි. එය පිරිසිදුව හා පිළිවෙළකට තබා ගැනීමට පුස්තකාල කාර්ය මණ්ඩලයට සහාය ලබා දිය යුතු ය.
- පුස්තකාලයීය දේපලවලට හානි නොකළ යුතු ය.
- පරිශීලකයන් පුස්තකාලය තුළ දී නිශ්ශබ්දතාව රැකිය යුතු ය. එසේම අන් අයට බාධා නො වන පරිදි හැසිරිය යුතු ය.
- පරිශීලකයන් පුස්තකාල රාක්කවලින් ඉවතට ගන්නා පොත් නැවත තැබිය යුත්තේ ඒ සඳහා වෙන් කර ඇති ස්ථානය මත ය. නැවත රාක්ක ගත කිරීමට යෑමේන් වැළකී සිටිය යුතු ය.
This library is a reference library.
All users using the library are obliged to act according to their responsibilities and duties according to the following instructions.
- Entry into the library should be done with shoes off.
- At the time of entering and leaving the library, it is mandatory to record and sign the time of arrival and departure in the user attendance register.
- The identity verification card should always be brought to the library for presentation whenever required.
- Your mobile phone must be silenced when entering the library.
- They should leave their personal books, bags and other belongings in the designated place and enter the library.
- Bringing food and beverages into the library is strictly prohibited.
- Library code of conduct and ethics shall be respected at all times.
- Library is a place of honor. Library staff should be assisted in keeping it clean and tidy.
- Shall not damage library property.
- Users shall maintain silence in the library. Also, you should behave so as not to disturb others.
- Books removed from the library shelves by the users should be placed back in the place reserved for that purpose. Refrain from restocking.