පුස්තකාලයාධිපති හිමි (Librarian)

සිරි වජිරාරාම පුස්තකාලයීය දැක්ම හා මෙහෙවර ඵලදායී ව සාධනය කිරීමේ ප්‍රධාන නියාමකයා සහ පරිපාලකයා පුස්තකාලයාධිපති ස්වාමීන් වහන්සේ වනු ඇත. ඒ සඳහා සියලු කටයුතු පුස්තකාලයීය කාර්ය මණ්ඩලය හා ස්වේච්ඡා කණ්ඩායම මඟින් මෙහෙයවීමත්, අධීක්‍ෂණයත් පුස්තකාලයාධිපති හිමි ගේ ප්‍රධාන වගකීම වනු ඇත.

පුස්තකාලයේ කටයුතුවලට අදාළ ලේඛන පවත්වා ගැනීම

  1. පරිග්‍රහණ ලේඛනය ක්‍රමවත් ව හා පිරිසිදු ව පවත්වාගෙන යෑම.
    1. පුස්තකාලයට පොත් ලබා දුන් දිනය (දිනය යන තීරුවේ) සටහන් කළ යුතු ය. පරිග්‍රහණ ලේඛනය ටිපෙක්ස් කිරීම, කුරුටු ගෑම්, පිටු කැඩීම්, වෙනස්කම් නොකිරීමට වග බලා ගැනීමත
    2. පරිත්‍යාග වශයෙන් ලබා ගන්නා ප්‍රකාශන පරිග්‍රහණ ලේඛනයට ඇතුළත් කිරීමේ දී එම ප්‍රකාශන පරිත්‍යාග වශයෙන් හඳුනා ගත හැකි ආකාරයට ඇතුළත් කළ යුතු ය. පරිග්‍රහණ ලේඛනයේ වෙනත් කරුණු යටතේ “පරිත්‍යාගයකි” යන්න සඳහන් කිරීමත
    3. පරිත්‍යාග වශයෙන් ලැබෙන පොත් පිළිබඳ නාම ලේඛනය පවත්වාගෙන යෑමත
    4. පරිත්‍යාග වශයෙන් ලබා ගන්නා ප්‍රකාශන විස්තර, ඒවා ලබා දුන් පරිත්‍යාගශීලීන් පිළිබඳ තොරතුරු සහිතව වෙන ම ලිපි ගොනුවක් පවත්වා ගෙන යෑම.
  2. පුස්තකාලයේ අයිතිය හඟවන මුද්‍රා පොතේ ග්‍රන්ථ නාම පිටුවේ සටහන් ව තිබේදැයි පරික්‍ෂා කිරීම.
  3. වාර සඟරා හා වාරික ප්‍රකාශන ඇතුළත් ලේඛනය ක්‍රමවත් ව හා පිරිසිදු ව පවත්වාගෙන යෑම.
  4. පුස්තකාලයීය සාමාජික තොරතුරු ලේඛනය පවත්වාගෙන යෑම.
  5. පුස්තකාලයේ ඇති වාර්තා සහ සියලු ම ලිපි ගොනු මනාව පිළියෙළ කර ඒ සඳහා අනුක්‍රමණිකා සකසා ක්‍රමවත් ව හා පිරිසිදු ව පවත්වාගෙන යෑම.
  6. වර්ෂාවසාන රැස්වීමට ඉදිරිපත් කිරීම සඳහා පුස්තකාලය සම්බන්ධ වාර්තාවක් සැකසීම.
  7. පරිශීලක අදහස් පුස්තකාලයානුබද්ධ සංවර්ධන කමිටුවට ඉදිරිපත් කිරීම සහ ගත් තීරණ පිළිබඳව ලේඛනයක් පවත්වාගෙන යෑම.
  8. වර්ගීකරණය හා සූචිකරණ කටයුතුවල දි එකාකාරී බව රැක ගැනීම සඳහා ස්වාධිකාරී ලේඛනයක් පවත්වාගෙන යෑම හා යාවත්කාලීන කිරීම.
  9. අපහරණයට ලක් කරනු ලබන පොත්පත් වල ලැයිස්තු 20.1 වගන්තිය යටතේ සැකසීම.

කළමනාකරණය

  1. පුස්තක සූචිය මැනවින් පවත්වා ගෙන යෑම සහ යාවත්කාලීන කිරීමත
  2. පුස්තකාලයීය මෘදුකාංගය ක්‍රමවත්ව පවත්වා ගැනීම සහ දිනපතා මෘදුකාංග දත්ත පිටපත් උපස්ථා :ඉ්ජන මච* කිරීමත
  3. පුස්තකාලයීය කළමනාකරණ පද්ධතියට දත්ත ඇතුළත් කිරීම හා වාර්තා ලබා ගැනීම.
  4. පුස්තකාලයීය ග්‍රන්ථ එකතුව භෞතිකව සංගණනය කිරීම හා සංගණන වාර්තාව සැකසීම.
  5. 14 වගන්තිය යටතේ ස්වේච්ඡා කණ්ඩායමට බඳවා ගැනීම හා නාම ලේඛනයක් පවත්වා ගෙන යෑම.
  6. 19 වගන්තියේ සඳහන් අවස්ථාවල දී සිදු කරනු ලබන තොග සමික්‍ෂණයෙන් පසු සමීක්‍ෂණ වාර්තාව සැකසිම.

සංරක්‍ෂණය

සියලු ම මුද්‍රිත පිටපත්, පුස්කොළ පොත්, ඡායාරූප, පුවත් කැපුම් ආදී පුස්තකාලයීය එකතු යාවත්කාලීන කිරීම සහ අවස්ථානුකුල ව සංරක්‍ෂණය සඳහා පුස්තකාලයානුබද්ධ සංවර්ධන කමිටුවට නිර්දේශ කිරිම.

පුස්තකාලයීය උපකාරක සේවා

  1. ප්‍රකාශන හිමිකම් නීතියට යටත්ව ඡායා පිටපත් (Photocopying Service) සේවය.
  2. ප්‍රකාශන හිමිකම් නීතියට යටත්ව පරිලෝකන සේවය (Scarnning Service).
    ඉහත සේවාව ලබා දිමේ දී ඡායා පිටපත් ගාස්තු වශයෙන් පිටුවක් (්4) සඳහා පුස්තකාලයීය සංවර්ධන කමිටුව විසින් නිර්දේශ කරනු ලබන ගාස්තුවක් අය කරනු ලැබේ.
  3. ප්‍රවර්තන සම්ප්‍රජානන සේවය (Current Awareness Service)
    පුස්තකාලයට ලැබෙන සියලු ම අලුත් පොත්වල සහ සඟරාවල අඩංගු පටුන විස්තර ඇතුළු තොරතුරු ප්‍රකාශන හිමිකම් නීතියට යටත්ව සාමාජිකත්වය ලබාගත් පරිශීලකයන් වෙත යැවීම.
  4. වරණීය විඥාපන සේවය (Selective Dissemination of Information)
    අවශ්‍ය බව දන්වන ලද පරිශීලකයන් හට ප්‍රකාශන හිමිකම් නීතියට යටත් ව අවශ්‍ය තොරතුරු කඩිනමින් සැපයීම.

පුස්තකාලයට අදාළ තාක්‍ෂණ සේවා

පුස්තකාලයීය පොත්වල තෝරාගත් පිටුවල සියලු ම මුද්‍රා තැබීම, පරිග්‍රහණ අංක යෙදීම ආදී සියලු ම කටයුතු මේ යටතට ගැනේ.

පුස්තකාල සහයෝගිතාව (හුවමාරු සේවා)

  1. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සමඟ සහයෝගිතාව ගොඩනංවා ගැනීම හා පවත්වා ගෙන යෑම.
  2. සංඛ්‍යාංක පුස්තකාලයන් ඇතුළු ව වෙනත් අදාළ පුස්තකාලයන් සමඟ සම්බන්ධතා ගොඩනංවා ගැනීම හා පවත්වා ගෙන යෑම.

The Lord Librarian will be the chief regulator and administrator for effective implementation of the Siri Vajirarama Library vision and mission. The main responsibility of the librarian will be to manage and supervise all activities by the library staff and volunteer group.

Maintaining documents related to library activities

  1. Maintaining the intake register in an orderly and clean manner.
    1. The date on which the books were given to the library (in the date column) should be recorded. Ensure that the abstract document is not typexed, scribbled, page breaks, altered.
    2. Publications received as donations should be entered in such a way that they can be identified as donations while entering the register. “Donation” is mentioned under other matters in the acquisition document
    3. Maintaining the register of books received as donations
    4. Maintaining a separate file with details of publications received as donations, with information about the donors who gave them.
  2. Checking whether the title page of the seal book indicating the ownership of the library is recorded.
  3. Maintaining the register of periodicals and periodicals in an orderly and clean manner.
  4. Maintenance of library membership register.
  5. Maintain orderly and clean records and all the files in the library by arranging the registers for the same.
  6. Preparation of a report relating to the library for submission to the Rainy Meeting.
  7. Submit user comments to the Library Development Committee and maintain a record of decisions taken.
  8. To maintain and update an autonomous register to maintain uniformity in classification and indexing activities.
  9. Preparation under section 20.1 of lists of books subject to abuse.

Management

  1. Maintaining and updating bibliography properly
  2. Regular maintenance of library software and daily backup of software data.
  3. Data entry and retrieval of records in the library management system.
  4. Physical census of library book collection and preparation of census report.
  5. Recruiting and maintaining a register of volunteers under section 14.
  6. Preparation of survey report after stock survey carried out in cases mentioned in section 19.

Conservation

Recommending to the Library Development Committee for updating and preservation of all printed copies, pamphlets, photographs, news clippings etc. library collections.

Library Support Services

  1. Photocopies (subject to copyright law).
  2. Scanning service (subject to copyright law).
    A fee recommended by the Library Development Committee will be charged per page (4) as photocopying charges in providing the above service.
  3. Translation and Communication Service:
    Sending information including table of contents details of all new books and journals received by the library to subscribing users subject to copyright law.
  4. Selective Voting Service:
    Promptly provide required information subject to copyright law to users notified of the need.

Library Related Technology Services

All activities such as stamping of selected pages of library books, application of accession numbers etc. are taken under this.

Library Related Technology Services

  1. Establish and maintain cooperation with the National Library of Sri Lanka.
  2. Establish and maintain linkages with other relevant libraries, including digital libraries.