පුස්තකාලයානුබද්ධ සංවර්ධන කමිටුව (Librarian Development Committee)

සිරි වජිරාරාම පුස්තකාලය මැනවින් පවත්වාගෙන යෑම සඳහා පුස්තකාලය සම්බන්ධ සියලු ම සංවර්ධන කටයුතු පිළිබඳව ආදාළ අංශ වලට උපදෙස් ලබා දීම, සම්බන්ධීකරණය හා ඒවා ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම පුස්තකාලයානුබද්ධ සංවර්ධන කමිටුවේ වගකීම වනු ඇත.

සිරි වජිරාරාම පුස්තකාලයානුබද්ධ සංවර්ධන කමිටුවේ වගකීම් හා කාර්යභාරයන්ට පහත සඳහන් කරුණු ඇතුළත් වේ.

  1. පුස්තකාලයේ සංවර්ධනය සඳහා සැලසුම් පිළියෙළ කිරීම;
  2. පුස්තකාලයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම;
  3. අනුමත වූ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳව සිරි වජිරාරාම කාර්යසාධක සමිතියට වාර්තා ඉදිරිපත් කිරීම;
  4. පුස්තකාලයීය ව්‍යවස්ථා මාලාව සැකසීම සහ අවස්ථානුකූලව යාවත්කාලීන කිරීම හා ඊට සිරි වජිරාරාම කාර්යසාධක සමිතියේ අනුමැතිය ලබා ගැනීම;
  5. පුස්තකාලයේ එදිනෙදා මෙහෙයුම් කටයුතු අධීක්‍ෂණය කිරීම හා අදාළ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම;
  6. තිදෙනකුගෙන් යුත් පුස්තක අපහරණ කමිටුව පත් කිරීමත
  7. පුස්තකාලය සම්බන්ධව පරිශීලකයන්ගේ අදහස් පිළිබඳ නිසි පියවර ගැනීම;
  8. පුස්තකාලයේ කටයුතු සම්බන්ධ ප්‍රගතිය මාසික ව සිරි වජිරාරාම කාර්යසාධක සමිතියට වාර්තා කිරීම.

රැස්වීම් වාර

සිරි වජිරාරාම පුස්තකාලයානුබද්ධ සංවර්ධන කමිටු රැස්විම් අවම වශයෙන් මසකට වරක් පැවැත්විය යුතු වේ.

In order to maintain the Siri Vajirarama Library well, it will be the responsibility of the Library Development Committee to advise the relevant departments on all development activities related to the library, coordinate and ensure that they are implemented.

Responsibilities and roles of the Siri Vajirarama Library Development Committee include the following,

  1. Prepare plans for the development of the library;
  2. developing the library’s physical resources;
  3. submit reports to the Siri Vajirarama Working Group on the financial allocations required for the implementation of the approved plans;
  4. Drafting and updating the Library Constitution from time to time and obtaining the approval of the Siri Vajirarama Working Group;
  5. Supervise the day-to-day operations of the library and take appropriate action;
  6. Appointing three-member book abuse committee
    taking appropriate action on users’ comments regarding the library;
  7. Reporting the progress related to the work of the library to the Siri Vajirarama Working Group on a monthly basis.

Meeting Times

Siri Vajirarama Library Development Committee meetings should be held at least once a month.